බහරේන් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයෙන්


බහරේන් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය පසුගියදා බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන්, බහරේන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ආචාර්ය හස්සන් ඒ. ෆැක්රෝ සහ බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ දෙවැනි උප සභාපති ජවාඩ් අල්හ්වාජ් යන මහත්වරු විසින් මෙහිදී දේශන පැවැත්වූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මෙන්ම බහරේන් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගි වූ අතර, බහරේන්හි ජාත්‍යන්තර ආයෝජන උද්‍යානය නැරඹීමටද අවස්ථාවක් කරගෙන තිබුණි.

කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර සහ බහරේන්හි ශ්‍රී ලංකා තානාපති අනුර රාජකරුනා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles