බදුල්ල - චෙන්කලඩි මාර්ගය සංවර්ධනයට පියවර


බදුල්ල සිට චෙන්කලඩි දක්වා කිලෝ මීටර 151.3ක් වන  A-5 ප්‍රධාන මාර්ගය පිළිසකර කිරීමට මහාමාර්ග අමාත්‍යංශය ඇ.ඩො.මිලියන 140ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

බදුල්ල හරහා පේරාදෙනිය සිට චෙන්කලඩි දක්වා A-5 ප්‍රධාන මාර්ගය නැගෙනහිර පළාත, මධ්‍යම පළාතට සම්බන්ධ කරන ප්‍රධාන අධිවේගී මාර්ගයන් හා සම්බන්ධ ‍වන බව පැවසෙයි.

ප්‍රථම කාණ්ඩය යටතේ පේරාදෙණිය සිට බදුල්ල දක්වා මාර්ගය මේ වන විට ප්‍රතිංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර දෙවන කාණ්ඩය යටතේ බදුල්ල සිට චෙන්කලඩි දක්වා කිලෝ මීටර 151.3 දුරක A5 ප්‍රධාන මාර්ගය පිළිසකර කිරීමට යෝජනා වී ඇත.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රතිපාදනවලින් කොටසක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා OPEC අරමුදලින් (OFID) හා සංවර්ධනය සඳහා සවුදි අරමුදලින් (SFD) සපයන අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය මගින් යෙදවීමට තීරණය කර ඇති බව පැවසෙයි.

 



Recommended Articles