පෙබරවාරි උද්ධමනය සියයට 3.2 දක්වා පහළට


2018 පෙබරවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 3.2%ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

පසුගිය ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 5.4%ක් ලෙස වාර්තා වූ අතර, 2016 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තාවූ අවම උද්ධමන අගය ලෙසද 2018 පෙබරවාරි මාසයේ උද්ධමන අගය සැලකෙයි. 

මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 1.6%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.5%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. 



Recommended Articles