පිරිසුදු වාතය සහිත නගර අතර කොළඹ නගරයත්


පිරිසුදු වාතය සහිත නගර සහයයෝගීතා වැඩසටහන තුළ කොළඹ නගරයේ සහභාගීත්වය පිළිබඳ ඇමෙරිකානු පරිසර සංරක්ෂණ ආයතනයේ ප්‍රසාදය හිමිවන බව ආසියා ශාන්තිකර කලාපය සඳහා ඇමෙරිකානු පරිසර සංරක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාර්ක් කැස්මන් මහතා පවසා තිබේ.

පිරිසුදු වාතය සහිත නගර අතර සහයෝගීතා වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස කොළඹ නම් කිරීම පිළිබඳ සතුට පළ කරනු වස් ඇමෙරිකානු පරිසර සංරක්ෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.ඊ.ඩී. බස්නායක මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ වී තිබේ.

මෙම වැඩසටහන මගින් කැලිෆෝනියාවේ නගර සමග ආසියානු නගර සම්බන්ධ කොට නගරයෙන් නගරයට සහයෝගීතාවක් ඇති කිරීම සිදුකෙරෙන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

 



Recommended Articles