පැසිෆික් සහයෝගීතා දෙවැනි අභ්‍යාසයට USNS Mercy එයි


ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන පැසිෆික් සහයෝගීතා දෙවැනි අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූ.එස්.එන්.එස්. මර්සි (USNS Mercy) නෞකාව අද (25දා) දිවයිනට ළඟා විය.

මෙම නෞකාව සහ එහි පැමිණි පිරිස් පිළිගැනීම එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රොබට් හිල්ටන් මහතා විසින් සිදුකළ අතර, මෙම අවස්ථාවට අද්මිරාල් ආටිගල, අද්මිරාල් ඩි සිල්වා, කපිතාන් බ්‍රෙට්ස්, කපිතාන් රොබට්ස් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්වූ බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

1_USNS



Recommended Articles