පාසල් තොරතුරු තාක්ෂණ ගැටලු විසඳීමට පියවර ගනී


පාසල් පද්ධතිය තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීමේදී මුහුණ පෑමට සිදුවන විවිධාකාරයේ ගැටලුවලට විසඳුම් ලබාදීම සදහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

මේ අනුව, පාසල් සිසුන්ට ගුරුවරුන්ට මෙන්ම දෙමවුපියන්ට මුහුණපෑමට සිදුවන ගැටලුවලදී ඇවැසි විසඳුම් ලබාදීම සදහා ඒ පිළිබඳ ‍විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක් සහාය වීමට සූදානම්ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ.



Recommended Articles