පාරම්පරික ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය කොළඹදී


පාරම්පරික දේශීය ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහාම ඉලක්ක කොටගත් පාරම්පරික ව්‍යවසායකත්ව ප්‍රවර්ධන විශේෂ වැඩමුළුව මෙම මස 26, 27 සහ 28 යන තෙදින තුළ කොළඹ රේණුකා හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා පාකිස්ථානයේ අමාන් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන මධ්‍යස්ථානය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම විශේෂ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා පාකිස්ථානු තානාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සයිඩ් ෂකිල් හුසේන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අතර Colombo Plan ලේකම් කාර්යාලයේ මහලේකම් වන කින්ලි ඩෝජි මහතාද මෙම ආරම්භක අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතය.

එවැනි පාරිම්පරික ව්‍යවසායක ප්‍රජාවගේ ව්‍යාපාරික කටයුතු ප්‍රජාව සඳහා විශේෂයෙන් සැලසුම් කළ මෙම තුන්දින වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍ර‘දේශයක පාරම්පරික වෙළෙඳ ව්‍යාපාරයක නිරත වන ඕනෑම අයෙකුට සහභාගී වීමේ අවස්ථාව උදාවන බවත්, මේ සඳහා දුරකතන අංක 011-2366996/011-2366997 ඔස්සේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.



Recommended Articles