පාකිස්තාන වාණිජ කටයුතු ඇමති අගමැති හමුවෙයි


ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පාකිස්තාන වාණිජ කටයුතු ෆෙඩරල් අමාත්‍ය කුරාම් දස්ඩිගිර් ඛාන් මහතා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡා පැවැත්වූ බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පාකිස්තාන ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සඳහා වීසා පහසු ක්‍රමයට ලබාදීමට සහ බහු වීසා නිකුත් කිරීමට කටයුතු සලසන ලෙසද මෙහිදී දස්ඩිගිර් ඛාන් මහතා පවසා ඇති අතර, පාකිස්තානයේ 50කට අධික සීනි කර්මාන්ත ශාල ක්‍රියාත්මක වන අතර, එකී කර්මාන්ත කොටස දියුණු කිරීමට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට හැකි තත්ත්වයක් තිබෙන බවද පවසා තිබේ.

විශේෂයෙන් සිමෙන්ති, ආර්ථික සහයෝගීතාව, සීනි, උසස් අධ්‍යාපන සහ ඖෂධ යන අංශ ශක්තිමත් කිරීම සඳහා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවලට දෙරටම මෙම හමුවෙදී එකඟ වූ බවද පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.



Recommended Articles