ප්‍රාග්ධන වෙළෙඳ පොළ අධ්‍යයන පුහුණු හා සමීක්ෂණ අංශයේ සහතිකපත් ප්‍රදානය


ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ අධ්‍යයන, පුහුණු හා සමීක්ෂණ අංශය (CMET) විසින් පවත්වනු ලැබූ සහතිකපත් ප්‍රදානෝත්සවය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජන උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විභාගයෙන් සමත්වීම අනිවාර්යය වන අතර මෙසේ සමත්වූ 250කට අධික ආයෝජන උපදේශකයන් පිරිසකට සහතික පත් ප්‍රදානය කිරීමක් මෙහිදී සිදුවිය.

මහ බැංකු අධිපතිවරයා මෙන්ම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා අතින්ද මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරිණි.

 



Recommended Articles