ප්‍රමිති ආයතනයෙන් රිය පෙරහරක්


ලෝක තත්ත්ව මාසය සැමරීම නිමිති කරගනිමින්, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශන රිය පෙරහරක් පසුගිය 05 වැනිදා පැවැත් වුණි.

මූලිකවම තත්ත්ව හා ප්‍රමිතිකරණය පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාව දැනුම්වත් කිරීම සඳහා මෙම අවස්ථාව සංවිධාන කෙරුණු බව ප්‍රමිති ආයතනය සඳහන් කරයි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම සංදර්ශන රිය පෙරහර මොරටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වී ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය දක්වා ගමන් කර, කොල්ලුපිටිය වටරවුමෙන් ධර්මපාල මාවත ඔස්සේ පැමිණ නෙළුම් පොකුණ මාවතට පිවිස අවසන් විය.



Recommended Articles