ප්‍රථම මාස 9 තුළ සංචාරක පැමිණීම්වල ඉහළ යෑමක්


2016 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා සංචාරකයන් මිලියන 1.51ක් දිවයිනට පැමිණ ඇති බවත්, එම කාලය තුළ සංචාරක පැමිණීම්වල 14.6% ක වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙවර මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (01දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එමෙන්ම, 2016 සැප්තැම්බර් මාසය තුළ සංචාරකයන් 148,499ක් දිවයිනට පැමිණ, එම මාසයේ සංචාරක පැමිණීම්වල 3.6%ක වැඩිවීමක් පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.



Recommended Articles