ප්‍රංශයෙන් රු මිලියන 9000ක ණය ආධාරයක්


අඹතලේ ජල සැපයුම් පද්ධතිය නවීකරණය කිරීමේ හා බලශක්ති සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 70ක ණය ආධාර මුදලක් (ආසන්න වශයෙන් රු.මිලියන 9,000ක්) ප්‍රංශ සංවර්ධන ඒජන්සිය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, අදාළ ගිවිසුම් අත්සන් කිරීම අද (29දා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදුවූ අතර, ප්‍රංශ සංවර්ධන ඒජන්සියේ අග්නිදිග ආසියානු කලාප අධ්‍යක්ෂ අවුඩේ ෆ්ලොග්නි මහත්මිය සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඊට අත්සන් තැබූහ.



Recommended Articles