පළාත් සමූපකාර අමාත්‍ය සමුළුව -2017


සමූපාකාර ව්‍යාපාරය සඳහා පළමු වරට ජාතික සමූපාකාර ප්‍රතිපත්තියක් සකස්කර ඇති අතර ඒ පිළිබඳව පවත්වන පළාත් සමූපකාර අමාත්‍ය සමුළුව අද (27දා) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම  අමාත්‍ය සමුළුව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ව්‍යාපාර සහ වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අලි සාහීර් මව්ලානා යන මහත්වරුන් හා සියලු පළාත්වල සමූපාකාර අමාත්‍යවරුන් සහභාගි වීමට නියමිතය.



Recommended Articles