නොවැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකයේ 2.6% ක ඉහළ යෑමක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, 2015 නොවැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 112.0 ලෙස ප්‍රකාශයට පත් කර ඇත. නොවැම්බර් මාසයේ දර්ශකය ඔක්තෝබර් මාසයේ දර්ශකය (109.2) හා සංසන්දනය කල විට 2.8ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 2.6% ක වැඩිවීමක් මෙහිදී වාර්තා කර ඇත.
මේ සඳහා ආහාර කාණ්ඩයේ 2.1% ක වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ 0.5% ක වැඩිවීම බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.