නොරිටාකේ නවතම පිඟන් කට්ටලයක් ජනපතිට


නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නවතම පිඟන් භාණ්ඩ කට්ටලයක් ඊයේ (7දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

ජනාධිපතිවරයා කම්කරු අමාත්‍යවරයාව සිටි කාලයේ සිට සෑම වසරකම නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම විසින් තම නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය ඒ මහතා වෙත පිළිගන්වා තිබේ.

බෝන් චයිනා වර්ගයට අයත් මෙම පිඟන් කට්ටලය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ යොෂිනරි ෂිමයා, එම සමාගමේ උපදේශක නිමල් පෙරේරා සහ සාමාන්‍යාධිකාරී සුජාතා එගොඩගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



Recommended Articles