නිව්යෝක් නගරයේ ආයෝජක සමුළුවක්


කොළඹ කොටස් වෙළෙඳ පොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ, වොෂිංටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් එළැඹෙන සැප්තැම්බර් 04 වැනිදා නිව්යෝක් නගරයේදී ආයෝජක සමුළුවක් පැවැත්වීමට සූදානමින් සිටියි.

බ්ලූම්බර්ග් සහ ශ්‍රී ලංකා ඇමෙරිකානු වාණිජ මණ්ඩලය මෙම ආයෝජක සමුළුවේ මූලෝපාය සහකරුවන් ලෙස සම්බන්ධ වෙයි.

මෙම ආයෝජක සමුළුව වෙනුවෙන් 200කට අධික සහභාගීත්වයක් අපේක්ෂා කරන අතර, ඒ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් 150ක් පමණ සහභාගි වනු ඇති බව කියැවෙයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජිතයන්ද සහභාගි වන අතර,  මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු විසින් ප්‍රධාන දෙසුම් පවත්වති.

අනතුරුව, එම මහත්වරු දෙපළ මෙන්ම විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක යන මහත්වරු ඇතුළත් සංවාද මණ්ඩපයක්ද පැවැත් වීමට නියමිතය.



Recommended Articles