නිර්දේශිත පිළිවෙත් සපුරා ඉහළ රබර් අස්වැන්නක්


වඩාත් ලාභදායී ලෙස රබර් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ඒකක බිම් ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා නිර්දේශිත පිළිවෙත් අනුගමනය කළ යුතු බව රබර් සංවර්ධන දෙපාර්තමේනුත පෙන්වා දී තිබේ.

මේ සඳහා උසස් වර්ගයේ රබර් පැළ සිටුවීම හා රබර් වගාවක තිබිය යුතු ගස් ප්‍රමාණය හොඳින් පවත්වාගෙන යාම, ක්‍රමානුකූලව රසායනික පොහොර හා කාබනික පොහොර භාවිත කිරීම, නිර්දේශිත කිරිකැපුම් ක්‍රමය භාවිත කිරීම, වැසි ආවරණ යෙදීම හා නිසි ලෙස නඩත්තු කිරීම, අඩු වියදමකින් උසස් වර්ගයේ ෂීට් රබර් නිෂ්පාදනය කිරීම ආදිය සිදු කළ යුතු බව පෙන්වා දෙයි.

මේ අතර, කුඩා රබර් වතු හිමියන්ගේ යහපත උදෙසා රබර් නැවත වගා සහනාධාරය හෙක්ටයාරයකට රු.175,000/- ක්ද, රබර් අලුත් වගා සහනාධාරය හෙක්ටයාරයකට රුපි.15,000/- ක්ද රබර් වගාවේ අපරිණත අවදියේදී රබර් අස්වැන්න ලබාගන්නා තුරු අමතර ආදායමක් ලබාගැනීම සඳහා අතුරු බෝග වගා කිරීමට සහනාධාර ලබාදීම, වර්ෂා කාලයේදී රබර් අස්වැන්න ලබාගැනීමට වැසි ආවරණ යෙදීම සඳහා සහනාධාර ලබාදීම, පොහොර සහනාධාර ලබාදීම, විවිධ පුහුණු හා උපදේශන කටයුතු සඳහා මුදල් ලබාදීම, කිරි කැපීම් ශිල්පී පුහුණු වැඩසටහන්වලට සහභාගී වන්නන්හට සහනාධාර ක්‍රමයට කිරිපිහි බෙදාදීම යනාදී වශයෙන් වසරකට රු.මිලියන 1500කට ආසන්න මුදලක් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රබර් ගොවියාට ලබාදෙන බවද පවසයි.



Recommended Articles