පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලිසීමට කුරුණෑගල දිස්ත්‍රික් දිවිනැගුම සමාජ සත්කාරක සේවාව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ යටතේ එක්රැස් කළ පානිය ජලය සහ වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් පිඩාවට පත් ජනතාවට බෙදීම සදහාඅනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට භාර දීම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බි. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වාරියපොල දිවිනැගුම දෙපාර්තමේන්තුවේ කලාප අංක 02 කාර්යාල පරිශ්‍රයේදි සිදුවිය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතකාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ නියගයෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිවිනැගුම කළමණාකරුවන් සහ දිවිනැගුම නිළධාරීන් විසින් ප්‍රදේශයේ පරිත්‍යාගශීලී ජනතාවගේ සහය ලබාගනිමින්දිවි නැගුම සමාජ සත්කාරක සේවාව ක්‍රියාවට නංවා තිබේ.
මෙම වැඩසටහන යටතේ එක් රැස් කරගන්නාලද ද්‍රව්‍ය රැගත් ලොරි රථ 10 ක් අනුරාධපුරය බලා පිටත් කර හැරීම සිදුවූ අතර මෙම ද්‍රව්‍ය මැදවච්චිය මැතිවරණ කොට්ඨාශයේ පීඩාවට පත් පවුල් අතර බෙදා දීමට නියමිතය.