නියඟයෙන් පීඩාවට පත් අයට මාස 2ක් රු.5000 බඩු මල්ලක්


නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉදිරි මාස 02 කට රු. 5000/- බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා දීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ දිනවල රටේ දිස්ත්‍රික් ගණනාවක පවතින නියඟය හේතුවෙන් ජනාධිපතිතුවරයාගේ උපදෙස් පරිදි මෙම සහනාධාරය ලබාදෙන බවද අමාත්‍යවරයා පවසා සිටියි.



Recommended Articles