නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පසුගිය 11 සහ 12 යන දෙදින තුළ පැවැත්විණි.
නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය- ලෝකය පුරා උපදේශනය හා ජර්මානු අත්දැකීම් (Renewable Energy: New Directions Worldwide and the German Experience) යන තේමාවෙන් යුත් මෙම වැඩමුළුව ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය (SLEMA) විසින් සංවිධානය කරන ලදී.
යුරෝපයේ නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්ති සංවර්ධනය, සූර්ය ප්‍රකාශ වෝල්ටීය තාක්ෂණය, ජාලක ඒකාබද්ධතා නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය, බලශක්තිය අපතේ යෑම වැනි ක්ෂේත්‍ර වෙත මෙම වැඩමුළුවේදී අවධානය යොමු කර තිබුණි.
ජර්මානු විශේෂඥයන් වන ජොආකිම් ගවුබ් සහ මයිකල් ක්නවුස් යන මහත්වරුන් මෙහිදී සභාව අමතන ලද අතර, මහාචාර්යය මොහාන් මුණසිංහ මහතා නොනැසී පැවැත්ම සඳහා නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිය මැයෙන් ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය.
නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්ති ක්ෂේත්‍රයේ ජර්මානු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙම නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්තිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අතර, ශ්‍රී ලංකාවටද එය හොඳ ආදර්ශයක් වනු ඇති බව ආචාර්ය ජර්ගන් මොහාර්ඩ් මහතා සභාව අමතමින් ප්‍රකාශ කළේය.
දෙදින වැඩමුළුව නැවත ප්‍රාණවත් කළ හැකි බලශක්ති තාක්ෂණ සංවර්ධනය පිළිබඳ සංකල්ප හා ප්‍රායෝගීක භාවිතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබුණි.