නව නිපැයුම්කරුවන්ට ජනාධිපති සම්මාන


තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දේශීය නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නව නිපැයුම්කරුවන් සඳහා 2011 සහ 2012 වර්ෂ සඳහා මෙහිදී සම්මාන පිරිනැමුනු අතර, පාරිසරික, ඉංජිනේරු, කලා, කර්මාන්ත හා තාක්ෂණ, ආහාර නිෂ්පාදන යන ක්ෂේත්‍රයන් තුළ නව නිපැයුම් සිදුකළ 15 දෙනෙකුට ස්වර්ණ සම්මාන ඇතුළු සම්මාන ප්‍රදානය කෙරිනි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍යාංශ ලේකම් ධාරා විජේතිලක, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් දීපාල් සූරියආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

 



Recommended Articles