නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ වාණිජකරණයට අත්වැලක් - පාඨලී


තම නිර්මාණාත්මක කුසලතාවයන් තුළින් නව නිපැයුම් එළි දැක්වූ ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් හට තම නිර්මාණයන් වාණිජකරණය සඳහා අතහිත ලබාදීම වෙනුවෙන් විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (28දා) සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ලංකා ඒන්ජල් නෙට්වර්ක් ආයතනය (LAN) මෙසේ අවබෝධතා ගිවිසුමට එළැඹුණි

මේ අවස්ථාවට එක්වූ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ, නව නිර්මාණකරුවන්ට ව්‍යාපාරික දැනුමක් ලබාදෙමින් නිර්මාණකරුවාම ව්‍යවසායදායකයෙකු බවට පත් කිරීමට මෙමගින් කටයුතු කරන බවයි.

 



Recommended Articles