ඇනලොග් තාක්ෂණයෙන් ඉවත්වී ඩිජිටල් ගෝලීය ප්‍රක්ෂේපණ යන්ත්‍රවලින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීකරණය වෙමින් පසුගිය 5 වැනිදා විවෘත කෙරුණු අතර, එය එළැඹෙන 9 වැනිදා මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙන බව පවසයි.
මෙම නව තාක්ෂණය මගින් විශ්වයේ විවිධ අවස්ථා හා සිදුවීම් දර්ශනය කළ හැකි අතර තාරකා විද්‍යාව මෙන්ම, නොයෙක් අධ්‍යාපනික වැඩසටහන් ඕනෑම වයසකට සරිලන පරිදි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව කියයි. දිනක, සතියක, මාසයක, වසරක හෝ වසර දස දහස් ගණනක අහස ග්‍රහලෝකාගාරය තුළ දර්ශනය කළ හැකි අතර අක්ෂාංශ හා දේශාංශ වෙනස් කිරීමෙන් ඕනෑම රටකට ඕනෑම වෙලාවක පෙනෙන අහසක් ග්‍රහලෝකාගාරය තුළ සිට දැකබලා ගැනීමට නව තාක්ෂණය ඔස්සේ හැකියාව ලැබෙන බවද කියයි.
මහජනතාව උදෙසා 2014 දෙසැම්බර් මස 09 වැනිදා සිට නැරඹුම් දර්ශන ආරම්භ කෙරෙන අතර පෙ.ව. 10.00 ට හා ප.ව. 2.00 ට දර්ශන පවත්වනු ලැබේ. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ආසන 570 ක පහසුකමින් යුක්ත වන අතර සතියේ අඟහරුවාදා දින සිට සිකුරාදා දිනවල පෙ.ව. 10.00 ටල ප.ව. 2.00 ට හා ප.ව. 4.00 ට පාසල් දර්ශන පැවැත්වේ. ඉරිදා සඳුදා හා රජයේ නිවාඩු දිනවල ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා තැබේ.