නර්ඩ් නිෂ්පාදිත උපකරණ ආයුර්වේදයට ලබාදෙයි


ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ආයුර්වේද උපකරණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආයුර්වේද සංරක්ෂණ සභා වෙත ප්‍රදානය කිරීම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අතින්, දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22දා) සිදු කෙරිණි.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය රටේ ජාතික වැදගත්කමකින් යුත් සිවිල් ඉංජිනේරු, කෘෂි ඉංජිනේරු සහ පසු අස්වනු තාක්ෂණ, පුනර්ජනන බලශක්ති, බලශක්ති හා පාරිසරික කළමණාකරණ, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සුපිරි නිමවුම් අංශය වැනි අංශ රැසකින් ඉංජිනේරුමය පර්යේෂණ සඳහා දායකත්වය ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් ලෙස මෙම කර්තව්‍යයට දායක විය.

නවෝත්පාදන ආර්ථීකයක් කරා යන ගමනේදී දේශීය කර්මාන්ත නඟාසිටුවීම සඳහා නිබඳවම ඇප කැප වී සිටින තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දිරිගැන්වීම යටතේ සාර්ථක ලෙස ආයුර්වේද උපකරණ ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කර තිබුණි.

 



Recommended Articles