නර්ඩ් තාක්ෂණික ප්‍රදර්ශනය 14 දා


ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන (නර්ඩ්) මධ්‍යස්ථානය ලෝක විද්‍යා දිනය නිමිත්තෙන් තාක්ෂණික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජා ඇල පිහිටි නර්ඩ් මධ්‍යස්ථානයේ තාක්ෂණික උද්‍යානයේදී එළැඹෙන 14 වැනිදා මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇති අතර, විශේෂයෙන්ම %නර්ඩ්^ මධ්‍යස්ථානය විසින් හඳුන්වාදී තිබෙන නව ඉංජිනේරුමය තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවට දැනුමක් ලබාදීම මෙම එක්දින ප්‍රදර්ශන අංගයේ අරමුණ බවද එහි සංවිධායකයෝ පවසති.

 



Recommended Articles