නයින්වෙල්ස් රෝහල ඇක්සස් සමූහයට එක්වෙයි


නයින්වෙල්ස් රෝහල තම සමූහය වෙත එක්කර ගැනීමට ඇක්සස් ඉන්ටනැෂනල් (පෞද්.) සමාගම පසුගියදා කටයුතු කර තිබේ.

ඇක්සස් ඉන්ටනැෂනල් යනු ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, දේපළ හා සෞඛ්‍ය ක්ෂේත්‍ර ඇතුළුව ක්ෂේත‍්‍ර රැසක් ආවරණය කරමින් ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති දැවැන්ත සමූහ ව්‍යාපාරයකි. මෙ

ම එක්කර ගැනීම තුළින් සමස්ත සමාජය වෙත උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම ඇක්සස් ඉන්ටනැෂනල් හි මූලික අරමුණ වී ඇත.    

මෙසේ නයින්වෙල්ස් රෝහල ඇක්සස් සමූහයට එක්වීමත් සමග එහි නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස වෛද්‍ය එස්.ඒ.කේ. ගමගේ මහතා පත් වී ඇත.

වෛද්‍ය ගමගේ මහතා මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ උන්නතිය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන නිලධාරියෙකි.



Recommended Articles