නගර සංවර්ධනය සඳහා ඩො මිලියන 147ක ණයක්


උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඇ.ඩො.මිලියන 147 ක ණය වරයක් ලබාගැනීම සඳහා පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

2020 වනවිට රටපුරා නගර ජාලය වඩා හොඳින් සැලසුම් සහගතව සම්බන්ධ කිරීමේ රජයේ අරමුණ අනුව, මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය හා යාපනය යන නගර විශාල නගර ලෙස සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බව පැවසෙයි. එමෙන්ම, මුළු රටම ආවරණය කරමින් වෙනත් නගර 09 ක් නාගරික සංවර්ධන මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමටද නියමිත බව පැවසෙයි.

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මෙම ව්‍යාපෘතීවලට ඇ.ඩො.මිලියන 147ක ණය මුදලක් පිරිනැමීමට එකඟ වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් එම බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමට හා ඉන් අනතුරුව මූල්‍යමය ගිවිසුමකට එළැඹීමට මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

 



Recommended Articles