ධීවර කර්මාන්තයට ඔස්ට්‍රේලියාවේ සහාය


ධීවර අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිළධාරීන්ට ධීවර කර්මාන්තය තිරසාර අන්දමින් පවත්වාගෙන යාම සඳහා ඔස්ට්‍රේලියාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රම හා විධි පිළිබඳ අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීමට ඔස්ට්‍රේලියාව කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු වෙළඳ කොමිසාරිස් ග්‍රෙයිසන් පියරේ මහතා ඇතුළු නියෝජිතයන් පසුගියදා (14දා) ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මීට එකඟත්වය පල කර තිබුණි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අදිකාරී මහත්මිය, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යලයේ උපදේශක චාලට් බ්ලන්ඩෙල් හා  නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



Recommended Articles