ධීවරයන්ගේ දැනුම අවතක්සේරු කිරීමට බෑ - ධීවර ඇමති


රට පුරා ධීවර වරාය රැසක් තිබුණත් ධීවරයන්ගේ අදහස්වලට පිටින් සිදුකළ ක්‍රියාත්මක කළ බොහෝ ව්‍යාපෘති අසාර්ථක වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ නිසා සෑම විටම ධීවර ජනතාව සමග සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා ලෙස තමන් නිලධාරීන් උපදෙස් ලබාදෙන බවද අමාත්‍යවරයා පවසයි.

ඉංජිනේරුවන්ට තාක්ෂණික දැනුම තිබුණත්, බොහෝ තීන්දු තීරණවලදී ධීවරය්නගේ දැනුම කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගියදා අම්බලන්ගොඩ ධීවර වරායේ නිරීක්ෂණ චාරිකායකට එක්වෙමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.

 

 


Recommended Articles