ධනවාදයේ සදාචාරය ගැන ප්‍රසිද්ධ දෙසුමක්


ජාත්‍යන්තර ඇට්ලස් ජාලයේ ජාත්‍යන්තර වැඩසටහන් පිළිබඳ උප සභාපති, ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිලාභී, බටහිර ජර්මන් ජාතික ටොම් ජී. පාමර් මහතා විසින් පවත්වනු ලබන ධනවාදයේ සදාචාරය මැයෙන් වූ ප්‍රසිද්ධ දේශනයක් හෙට (31දා) කොළඹ 05, තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

පාත් ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා විසින් එය මෙහෙයවනු ලබන අතර, දේශනය සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර බැස්ටියාට් සංගමය අනුබද්ධිත ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමය විසිනි.



Recommended Articles