දේශීය කර්මාන්ත ගැටලු ගැන ජනපති හා සාකච්ඡා


දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

දේශීය කර්මාන්තකරුවන් රැසක් මෙන්ම මලික් සමරවික්‍රම, රිෂාඩ් බදියුදීන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ද,, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබුණි.

01



Recommended Articles