දේශීය ආදායම් දෙපාර්තමේන්තු අයවැය සම්මන්ත්‍රණය


2016 අයවැය මගින් රටට අහිමි වී තිබූ වෘත්තීයභාවය යළි ඇති වී රට නිවැරදි මාර්ගයට අවතීර්ණ වී ඇති බවත්, මනා රාජ්‍ය පාලනය කුමක්ද යන්න මෙවර අයවැය මගින් රටට පෙන්වාදී ඇති බවත්, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

2016 අයවැයට සමගාමීව දේශය ආදායම් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබූ අයවැය සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් රවි කරුණානායක මෙසේ සිටියේය. මෙම සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එම අවස්ථාවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සජීවීව යොමු කළ ජනතා ගැටලුවලටද අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.



Recommended Articles