ලියාපදිංචි නොවූ සමාගම්කරුවන් විසින් සිදුකරන අපනයනයන්හි අවම ප්‍රමිතීන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් සිදුවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සුජාතා වීරකෝන් මහත්මිය පවසා සිටියාය.
ඇය මෙම අදහස් පළ කළේ, යුරෝපා සංගමයට එළවළු සහ පලතුරු අපනයනය කරන්නන් සඳහා වූ නිරෝධායන ක්‍රමවේද පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති පුහුණු සැසියකට සහභාගී වෙමිනි.
2011 වසරේ සිට මේ දක්වා යුරෝපා සංගමයට අපනයනය කළ බහාලුම් 295 ක් අතරින් 290 ක්ම යුරෝපා නිරෝධායන ප්‍රමීතීන්ට අනුගත නොවීම හේතුවෙන් එම සංගමය විසින් ප්‍රතික්ෂේප කොට තිබිණි. මේවායින් බහුතරයක්, දේශීය එළවළු හා පලතුරු ඇතුළත් ඒවා වූ අතර, ඒ පිළිබඳව අවධානය යොමුකොට, යුරෝපා සංගමය වෙත අපනයනය කරනු ලබන එළවලු හා පලතුරු වල ප්‍රමිතිය හා නිරෝධාය ක්‍රියාමාර්ග පිළිබඳව අපනයනකරුවන් දැනුම්වත් කිරිම මෙම සැසියේ අරමුණ වී තිබිණි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ වන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙය සංවිධානය කරන ලද අතර, ශ්‍රී ලංකාවේ මෙවැනි පුහුණු සැසියක් පැවැත්වූ ප්‍රථම අවස්ථාවද මෙයයි.