දෙසැම්බර් කාර්මික නිෂ්පාදන දර්ශකය


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දෙසැම්බර් මස සඳහා වූ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කොට ඇත.

ඒ අනුව 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2016දෙසැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 3.6%ක වැඩිවීමක් වාර්තාවේ. තවද, 2015 සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2016 දෙසැම්බර් මස ගෘහ භාණ්ඩ නිෂ්පාදන ( 21.6%), යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන (19.4%), මූලික ඖෂධ නිෂ්පාදන (14.5%) සහ ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනවල (14.5%) කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ.

2016 දෙසැම්බර් මසආහාර නිෂ්පාදන අංශයෙහි  1.6% ක වැඩිවීමක් වාර්තා වේ. 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, දුම්කොළ නිෂ්පාදන (11.3%), දැව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදන (6.3%), විදුලි උපකරණ නිෂ්පාදන (6.3%) සහ අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදනවල (4.9%), අඩුවීමක් වාර්තා වේ. ඒ අනුව, 2015 වර්ෂයේ සාමාන්‍ය කාර්තුමය නිෂ්පාදනයට සාපේක්ෂව 2016 වර්ෂයේ සිව් වැනි කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 4.3% කින් වර්ධනය වී ඇත.



Recommended Articles