දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 වැනි අදියර යටතේ ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 25ක් සවිබල ගැන්වීම වැඩසටහන යටතේ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) නාරාහේපිට ගෞතම විහාස්ථානයේදී සිදුකෙරිණි.
මෙහිදී තෝරාගනු ලැබූ ප්‍රතිලාභීන් වෙත වර්ග 7කින් සමන්විත වන එළවළු බීජ කට්ටලයක්ද, වර්ග 4කින් සමන්විත වන එළවළු පැළ 9ක්ද සමගින් පලතුරු පැළ, පොල් පැළ, කුළුබඩු භෝග පැළද, විශේෂ බෝගයක් ලෙස කතුරුමුරුංගා පැළද බෙදාදීම සිදුකර තිබේ.