දිවි නැගුම 6 අදියර සඳහා රටපුරා උත්සව 56088ක්


දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 වැනි අදියර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) ඇරඹුණු අතර ඊට සමගාමීව දිවයින පුරා පැවති උත්සව 56,088කට ලක්ෂ 20කට ආසන්න පිරිසක් එක්ව සිටි බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

පවුලේ ආර්ථිකය සහ පෝෂණය වැඩි දියුණු කරමින් දිවි නැගුම 6 වැනි අදියර අද පෙරවරු 10.07ට එළැඹුණු සුබ මොහොතින් නැගෙනහිර දිසාව බලා පැළ සිටුවීමෙන් ආරම්භ විය.

ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු සහ පලතුරු පිරිසුදුව සහ වියදමකින් තොරව ගෙවත්තෙන්ම සපයා ගනිමින් නිරෝගී ජන සමාජයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව අරඹා ඇති දිවි නැගුම වැඩසටහනේ ප්‍රථම අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් 2011 මාර්තු මසදී ඇරඹුණි.

මෙවර, දිවි නැගුම 6 වැනි අදියර යටතේ රටපුරා ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 25ක් සවිබල ගැන්වීම සඳහා බීජ කට්ටල ලක්ෂ 25ක් සහ එළවළු පැළ ලක්ෂ 126ක්ද මෙහිදී බෙදා දෙනු ලැබීය.

 



Recommended Articles