සමාගම්වල කොටස් මිල ඊයේ දිනයේදී අඩුවීමක් පෙන්නුම් කළත්, දිනය අවසන් වනවිට කොටස් වෙළෙඳ පොළ මිල දර්ශක ධනාත්මකව අවසන් විය.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම ඊයේ දිනයේදී රු.මිලියන 600 සීමාවට පැමිණියේය.
විවිධාංගීකරණය අංශය දිනයේ පිරිවැටුමේ මූලිකත්වය ගත් අතර, එම අංශයේ දර්ශය 0.10% කින් ඉහළ ගොස් තිබුණි.
එමෙන්ම, බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය පිරිවැටුමේ දෙවැනි ඉහළම දායකත්වය ලබාදෙන ලද අතර, එම අංශයේ දර්ශකය 0.47% ක ඉහළ අගයක් සටහන් කළේය.
භාණ්ඩාගාර බිල්පත් මිල අඩුවීම මත කොටස් වෙළෙඳ පොළ ඉදිරියේදී සුබදායක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.