දැයට කිරුළ 2014 පෙබරවාරි 21 ඇරඹේ


දැයට කිරුළ 2014 ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 21 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජනතාවට විවෘත වන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රු.දස ලක්ෂ 2,000 කට වැඩි වියදමින් මෙවර දැයට කිරුළ භූමිය තුළ යටිතල පහසුකම් සහ ගොඩනැගිලි ඉදිකිරීම් කුලියාපිටිය අධ්‍යාපන කේන්ද්‍රය වෙනුවෙන් ස්ථිරව ඉදිවන බවත්, මහා මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් අංග සම්පූර්ණ යටිතල පහසුකම් නිමවන බවද පැවසෙයි. එමෙන්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය ගොඩනැගිලි සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සහ වයඹ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සියලු ගොඩනැගිලි ඉදිකිරීම් ආදී තවත් කටයුතු රැසක්  සිදු කෙරෙන බවද පැවසෙයි. 

සංවර්ධන ප්‍රදර්ශන භූමිය තුළ සිදු කෙරෙන මෙම කාර්යයන්ට අමතරව දැයට කිරුළට අදාළව කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රු.දස ලක්ෂ 50,000 කට අධික සංවර්ධන කටයුතු සිදුවන බවද පෙන්වා දී තිබේ.



Recommended Articles