දන්නෝ දිනන්නෝ


ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ සිරස ටී වී නාලිකාව සමඟ අත්වැල් බැඳගනිමින් ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ දැනුම සොයා යන පර්යේෂකයන්ට හා ආයෝජකයන්ට එම දැනුම ආයෝජනය කිරීම සඳහා නවතම ස්වරූපයේ රියැලිටි අත්දැකීමක් ලෙස දන්නෝ දිනන්නෝ දැවැන්ත රියැලිටි වැඩසටහන සෑම ඉරිදා දිනකම උදෑසන 11.00 ට විකාශනය කිරීම ආරම්භ කර ඇත.

දැනට CDS ගිණුමක් හිමි, එනම් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නන්ට සහ යුනිට්ස්වල ආයෝජන කරන්නන්ට 7788 ට කතා කර මේ සඳහා ලියාපදිංචි විය හැකිය. එකවර දස ලක්ෂපතියන් දෙදෙනෙකුවීමේ අවස්ථාව උදාකර දෙන මෙම වැඩසටහනට සහභාගීවීමට දැනට කොටස් වෙළෙඳ පොළෙහි හෝ යුනිට්ස්වල ගනුදෙනු නොකරන අයටද හැකියාව ඇති අතර CDS ගිණුමක් විවෘත කර හෝ යුනිට්ස්වලට සම්බන්ධ වී ඉන් අනතුරුව 7788 අමතා මෙයට සහභාගී වීමට අවස්ථාවක් ලබාගත හැකි බව කියයි.

 

 



Recommended Articles