දකුණු ආසියානු කලාපීය කොටස් වෙළෙඳ පොළ සමුළුවක්


කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව හා දකුණු ආසියානු කලාපීය කොටස් හුවමාරු සංගමය එක්ව පවත්වනු ලබන දකුණු ආසියානු ආයෝජන සමුළුව 2015 අප්‍රේල් මස 26 හා 27 දෙදින තුළ කොළඹදී පැවැත්වෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න, කොළඹ කොටස් වෙළෙඳ පොළෙ සභාපති වජිර කුලතිලක යන මහත්වරුන් විසින් 2015 අප්‍රේල් 27 වැනි දින මෙහි සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතව ඇත.



Recommended Articles