තේ අපනයනකරුවන්ගේ වාර්ෂික සමුළුව පැවැත්වේ


තේ අපනයනකරුවන්ගේ 15 වැනි වාර්ෂික මහා සම්මේලනය පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්විණි.

සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ විශේෂ ආරාධිතයා ලෙස ඉන්දියාවේ මුරුගප්පා සමූහ ව්‍යාපාරයේ උප සභාපති මුරු මුරුගප්පන් මහතා සහභාගී විය.

තේ අපනයනරුවන්ගේ සංගමයෙහි සභාපති රොහාන් ප‍්‍රනාන්දු, උපසභාපති ජාලිය දේවේන්ද්‍ර, මහ ලේකම් රංජිත් අබේකෝන් යන මහත්වරු ඇතුළු තේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



Recommended Articles