ඩයලොග් ආසියාටා කොටස් නිකුතුවෙහි 10 වැනි වසර සමරයි


ඩයලොග් ආසියාටා සමාගම සිය මූලික කොටස් නිකුතුවෙහි 10 වැනි සංවත්සරය සමරමින් අද (08දා) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළේදී උත්සවාකාරයෙන් සීනුව නාද කර ගනුදෙනු ආරම්භ කළේය. මෙය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ විශාලතම මූලික කොටස් නිකුතුව ලෙස සැලකෙයි.

ඩයලොග් ආසියාටා සමාගමේ සභාපති ඩාටුක් අසාත් කමලුඩීන්, අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය, අධ්‍යක්ෂ එම්. ආර්. ප්‍රේලිස්, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අස්වාන් ඛාන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී(edotco Group Berhad) තිවංක රණගල සහ සමාගම් ලේකම් විරන්ති ආටිගල, සමූහ ප්‍රධාන අභ්‍යන්තර විගණක මොනේෂ් ඩේවිඩ් , සාමාන්‍යාධිකාරී (නීති)  ට්‍රිනේෂ් ප්‍රනාන්දු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපති වජිර කුලතිලක, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයද මෙම අවස්ථාවට සහභාගි වූහ.



Recommended Articles