ටොයෝටා මෝටර් රථ ලක්ෂ 17ක් යළි කැඳවයි


ජපානයේ ටොයෝටා සමාගම ලොව පුරා අලෙවි කෙරුණු මෝටර් රථ මිලියන 1.75ක් යළි කැඳවීමට තීරණය කර ඇති බව බී.බී.සී.ය පවසයි.

එම මෝටර් රථවල තිරිංග පද්ධතියේ හා ඉන්ධන පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙසේ එම මෝටර් රථ යළි කැඳවා ඇති බව බී.බී.සීය. වැඩිදුරටත් පවසයි.

2007 සහ 2012 යන කාලවලදී නිෂ්පාදනය කරනලද ටො‍යෝටා ක්‍රවුන්, ක්‍රවුන් මැජෙස්ටා මෙන්ම නෝආ සහ වොක්සි යන මාදිලි මෙසේ කැඳවා ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත්, ටොයෝටා සමාගම බී.බී.සී.යට පවසා ඇත්තේ මේ දෝෂය හේතුවෙන් කිසිදු ආකාරයකින් මෝටර් රථ අනතුරට පත්වීමක්, මගීන් තුවාලවීමක් හෝ වෙනත් දරුණු තත්ත්වයක් සිදුව නොමැති බවයි.

 



Recommended Articles