ජාතික විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පාගමනක් සංවිධාන කොට ඇති අතර නොවැම්බර් මස 08 වැනිදා පෙ.ව. 7.30 ට විද්‍යා පාගමන මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ වී නිදහස් වටරවුම, කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපසින් ගමන්කොට තුම්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රය කරා ළඟාවීමට නියමිත බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාඥයන් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සහ ආරාධිතයන් ඇතුළුව 2,000කට ආසන්න පිරිසක් ඊට සහභාගීවීමට නියමිත බව පැවසෙයි.
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතීන් විදහා දක්වමින් හා නවෝත්පාදනයන් සමගින් නිර්මාණාත්මකව ජාතික විද්‍යා පා ගමන පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීය තාක්ෂණය, යුද තාක්ෂණය, ජල රොකට්, පෙරටු කරගනිමින් පැවැත්වීමට නියමිත ජාතික විද්‍යා පා ගමන ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් වනු ඇති බවද පැවසෙයි.
නොවැම්බර් මස 08 වැනි සෙනසුරාදා දින උදෑසන 7.30 ට ආරම්භ කෙරෙන ජාතික විද්‍යා පා ගමන සඳහා සහභාගී වන සියළු දෙනාට දේශීය ඖෂධ වලින් සකස් කෙරුණු කොළ කැඳ පානයක් ලබාදෙන අතර පාගමනට සහභාගීවන සියලු දෙනාට ටී-ෂර්ට් සහ හිස් පළඳනාවක් ලබාදෙනු ඇති බවත්, පා ගමනේ මුළු දුර ප්‍රමාණය 3.5 Km පමණ වන අතර පැය 1 කුත් විනාඩි 20 කින් පමණ පා ගමන අවසන් කිරීමට නියමිත අතර ගමන අවසානයේ සියලු දෙනාට වස විස වලින් තොර දේශීය ආහාර වේලක් ලබාදීමට නියමිත බවත් පැවසෙයි.