සාම්ප‍්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ‍්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ජාතික විද්‍යා සතියක් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සංවිධානයෙන් අද (04දා) ඇරඹෙයි.
අද (04දා) සිට 10 වැනිදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර ඇති අතර, ඊට සමගාමීව විශේෂ විද්‍යා කලාපයක් අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය ( ITI ), බෞද්ධාලෝක මාවත, නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රය අවට භූමියේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත වේ.
ජාතික විද්‍යා සතියේ සමාරම්භක උත්සවය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට සමගාමීව දිවයිනේ ප‍්‍රදේශ 06 ක විද්‍යා සති සැමරුම් වැඩසටහන් ආරම්භ කෙරේ.