ආසියා ඵලදායිතා සංවිධාන 55 වැනි සැසිය ශ්‍රී ලංකාවේ


ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල ජාතික ඵලදායිතා සංවිධාන ප‍්‍රධානීන්ගේ 55 වැනි වාර්ෂික සැසිවාරය ලබන 21 වැනිදා ශ‍්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතය.

ආසියානු ඵලදායිතා සංවිධානය ජපානය පාදක කොට ගෙන පිහිටුවා ගෙන ඇති අතර,  අන්තර්ජාතික සංවිධානයක් ලෙස කටයුතු කරන මෙය, තම සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයන්හි ඵලදායිතාව ඉහළ නැංවීමෙහිලා සහාය ලබාදෙන බව කියයි. 

ආසියා හා ෆැසිපික් කලාපයේ රටවල් 19ක් ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

මෙම වාර්ෂික සැසිවාරය ලබන 23 දක්වා පැවැත්වීමට නියමිතය.

 



Recommended Articles