ජාතික පාරිභෝගික මිල දර්ශකය අප්‍රෙල් මස ඉහළට


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 අප්‍රේල් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 111.6 ලෙස ගණනය කර ඇති අතර, අප්‍රේල් මාසයේ දර්ශකය මාර්තු මාස‍යේ දර්ශකය (110.0) හා  සංසන්දනය කළ විට 1.6 ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.5% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45% කින් වැඩිවීම බලපා ඇත.



Recommended Articles