ජාතික ඉදිකිරීම් සම්මාන උලෙළ 2017 පැවැත්වේ


දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සදහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන, ජාතික ඉදිකිරීම් සම්මාන උලෙළ 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් 08 දෙනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

මේ අතර දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශීය ව්‍යාපෘති ඉදිකිරීම දිරිගැන්වීම සහ ඇගයීම සදහා මෙවර එක් කරනලද නව සම්මාන 03 ක් මෙහිදී පිරිනැමුණි.

ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සදහා වන පාරිසරික මාර්ගෝපදේශණ සංග්‍රහය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.

නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්. අබේරත්න, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ආර්. ජෙයචන්ද්‍රන්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වාස්තු විද්‍යාඥ එච්.කේ. බාලචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

05 04 08



Recommended Articles