ජාතික ඉදිකිරීම් සම්මාන උලෙළ පැවැත්වේ


ජාතිකි ඉදිකිරීම් සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජනාධිපතිවරයා අතින් සිවිල් ඉංජිනේරු, හරිත විශිෂ්ටතා, ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සම්මාන ලබාදීම මෙහිදී සිදුවිය.

ජාතික ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ දායකත්වයෙන් කොන්ත්‍රාත්කරුවන් දිරිගැන්වීම උදෙසා මෙම සම්මාන උලෙළ පැවැත්වෙයි.

මෙම අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ජාතික ඉදිකිරීම් අධිකාරියේ සභාපති සී.එච්.ඩී.තිසේරා යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.



Recommended Articles