ජාතික ඉතිරිකිරීමේ බැංකු පත්වීම් ප්‍රධානයෙන්


ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පත්වීම් ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (07දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්විණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවට උපාධිධාරී අභ්‍යාසලාභීන් 190 දෙනෙකු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාලවල සේවය සඳහා තාක්ෂණ සහායකයන් 348 දෙනෙකුට පත්වීම් ප්‍රදානය මෙහිදී සිදුවිය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් පී.බී.අබේකෝන්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ඩබ්.ඒ.නාලනී යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.



Recommended Articles